කිරි හරක් වංචාවකට හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකට බඩු.!

2016-2017 කාලයේදී මෙරටට විදේශීය කිරි හරකුන් ආනයනය කිරීමට බව පවසා ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක් (රුපියල් කෝටි 330) අවභාවිත කළ බව කියන එක්තරා අමාත්‍යාංශයක හිටපු ලේකම්වරියක ඉදිරි දිනයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

අදාළ ලේකම්වරිය පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති අතර රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුගේ බිරිය බවද පැවසෙයි.

කෙසේවෙතත් ඇය මේ වනවිට විදේශගතව සිටිනා අතර ඇය ඉදිරි දින කිහිපයක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, ඇය මෙරටට පැමිණි විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබේ.

එකල ඇය ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති අතර කිරි හරකුන් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 11ක් වෙන් කිරීමේ සිද්ධියකට ඇය සම්බන්ධ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, එවැනි කිරි හරකුන් ගෙන්වීමට හෝ එම මුදලට සිදුවූ දෙයක් හෝ නොමැති බවට ද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කෙරෙනු ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

News Source – Mawbima

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments