By unusuma.lk on
(LK time)මෙරට ආන්දෝලනයට තුඩුදුන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ඊයේ (08) දින සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඇගයීම් කටයුතු එළඹෙන (12) වැනිදා දක්වා පැවැත්වෙන බවත් විභාග ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.
2024 සැප්තැම්බර් (15) වැනිදා පැවැති පහේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් රට තුළ ආන්දෝලනයක් ඇති විය.
කෙසේ වෙතත් එම සිදුවීම සම්බන්ධයෙන් මවුපියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ අතර ඒ නඩුවල තීන්දු පසුගිය (31) වැනිදා ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලුම අපේක්ෂකයන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය (01) වැනිදා තීරණය කළේය.