ජොනී කීකරු වෙයි.. වසර ගණනාවක සෙල්ලම අවසන් කරයි.!

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් නිෂ්පාදන සමාගම් දෙක ඇතුළු රටේ ප්‍රමුඛ මත්පැන් නිෂ්පාදක සමාගම් කිහිපයක්, හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 30 වැනිදාට පෙර පෙර මෙම ගෙවීම් සිදු කිරීමට සියලුම සමාගම්වලට දැනුම් දී තිබූ අතර, බොහෝ සමාගම් එම නියෝගයට අනුකූලව කටයුතු කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිශ්චිත දිනයකට පෙර හිඟ සුරාබදු නොගෙවන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, බොහෝ සමාගම් තම හිඟ ගෙවීම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

කෙසේවෙතත් රටේ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගමක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින නිසා අධිකරණ නියෝග සම්බන්ධයෙන් අධ්‍යනයක් කර තීරණයක් ගැනීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.