By unusuma.lk on
(LK time)ධීවරයන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරක් මත, මුලතිව් වෙරළ තීරයට ගොඩගසා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
කිලෝග්‍රෑම් 14 යි ග්‍රෑම් 700 ක් බරැති එම පුපුරණ ද්‍රව්‍ය තොගය කිසියම් හඳුනානොගත් ඇසුරුමක අසුරා තිබූ බවද පොලිසිය පවසයි.
පසුගිය යුධ සමයේ කිසියම් පිරිසක් විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය වලදමා තිබියදී පසුගියදා පැවති අධික වර්ෂාවත් සමඟ එය පොළොවෙන් මතුවි වෙරළට ගොඩගසන්නට ඇති බවටයි ආරක්ෂක අංශ සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතයි.
– Nethnews.lk –