By unusuma.lk on
(LK time)මෙටා සමාගම සදහන් කළේ, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යෙදවුම්වල හදිසි බිදවැටීමක් සිදු වු බවත් එම බිඳවැටීම මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බවයි.
තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අදාළ යෙදුම් සදහා ප්‍රවේශ වීමට බාධා එල්ලවී තිබු බවත් බ්‍රිතාන්‍ය, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ආසියාව, දකුණු අමෙරිකාව සහ අමෙරිකාව යන රටවල මෙම යෙදුම් බිඳවැටීම සිදුව ඇත.
ඊයේ (11) රාත්‍රී 12.00 පමණ මෙරට තුළද පැය කිහිපයක කාලයක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍යවල බිඳවැටීම සිදුව තිබුණු අතර ඉතා කඩිනමින් අදාළ යෙදවුම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ බව මෙටා සමාගම සදහන් කරයි.