By unusuma.lk on
(LK time)නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නීතිඥ ෆයිසර් මුස්තාපා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම් ශ්‍යාමිලා පෙරේරා විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර ඇත.
පක්ෂයේ බහුතරයකගේ තීරණය මත ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නීතිඥ ෆයිසර් මුස්තාපාගේ පත්කිරීම සිදුකළ බවත් මේ සම්බන්ධයෙන් පක්ෂයේ දේශපාලන කමිටුව කැඳවා සාකච්ඡා කළ බවද පක්ෂ ලේකම් ශ්‍යාමිලා පෙරේරා ලිපියෙන් පෙන්වා දී ඇත.
පක්ෂයේ ඒකමතික තීරණය වුයේ අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ පොදු එකඟතාවකට එළැඹීමේ ප්‍රවණතාවයක් නොපෙනෙන බැවින් බහුතර එකඟතාවය පිළිගත යුතු බව අදාළ ලිපියේ සඳහන් වේ.
ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී පුරප්පාඩුව සදහා බහුතරයකගේ තීරණය මත ෆයිසර් මුස්තාපාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවූ බවද පක්ෂ ලේකම් ශ්‍යාමිලා පෙරේරා ලිපියෙන් පෙන්වා දී ඇත.