ගොවීන්ට බන්ඩි පොහොර නොමිලේ.!

ශ්‍රී ‌ලංකාවට අද (12) දින ලෝක ආහාර වැඩසටහනෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන්ට නොමිලේ ‌බෙද‍ා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත සදහන් කරයි.

එක් කන්නයක වී වගාව සදහා භාවිතා වන මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000ක් බැවින් පොහොර තොගය මෙවර මහ කන්නයේ වී වගා කළ ගොවීන්ට බෙද‍ා හැරීමටද, ඉතිරිය පොල් වගාවට භාවිතා කිරීමටද ප්‍රමාණවත් බව අමාත්‍යංශය සදහන් කරයි.

ප්‍රදානයක් ලෙස ලැබුණු පොහොර තොගයෙන් වී වගාව සදහා සියයට 50ක්, ඉතිරි සියයට 50 පොල් වගාව සදහාද භාවිත කිරීමට පසුගිය (09) වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.