අද සිට උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද (08) දිනයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මැයි මාසයේ සිට නව ඇණවුම් සඳහා 15% – 20%ත් අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ යා හැකි බව එම සංගමයේ සභාපති අකිල ජයරත්න සඳහන් කරයි.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හා වැට් බද්ද හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවත් දැනට ඇණවුම් කරන ලද කෑම වට්ටෝරු සඳහා 10%ක මිල වැඩි කිරීමක් සිදුකරන බවද සඳහන් කරයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අකිල ජයරත්න මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments