By unusuma.lk on
(LK time)තම පත්වීම ලබන පාසලේ වසර පහක් සේවය කර අවසන් වනතුරු ස්ථාන මාරු නොඉල්ලන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සදහන් කරයි.
ආණ්ඩුකාරවරයා තවදුරටත් සදහන් කළේ,
“ඉගැන්වීම යනු කලාවක්, නිපුණතාවයක් විද්‍යාවක්. අපි ගුරු වෘත්තියට දෙන තැන හොඳටම මදි. අඩු තරමින් වෛද්‍ය වෘත්තියට ලබාදෙන තරමට වැඩි තත්ත්වක් මීට ලබාදිය යුතුයි. අපි කරන ඉගැන්වීම නිසා එකවර ළමයි තිහක් හතළිහක් අමාරුවෙ වැටෙන්න පුළුවන්. එකම පාසලේ අවුරුදු දහය පහළොව ඉන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අවුරුදු අටකට පසුව ඔබට ස්ථාන මාරුවරිය ලබා දෙනවා.”
නැගෙනහිර පළාත් රාජ්‍ය සේවාවේ රාජ්‍ය සේවයට බඳවාගනු ලැබූ උපාධිධාරීන් පිරිසකට ආණ්ඩුකාර කාර්යාලයේදී පත්වීම් ලබා දෙමින් ආණ්ඩුකාරවරයා මේ බව සදහන් කරයි.