By unusuma.lk on
(LK time)මෙරට ඔලිම්පික් කමිටුව වෙත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් ලබාදෙන ලබන අරමුදල් අරමුදල් දෙසැම්බර් 10 වනදා සිට අත්හිටුවීමට එම කමිටු විසින් තීරණය කළ බව දැනුම් දී ඇත.
ඔලිම්පික් කමිටුව වෙත ලබාදෙන අරමුදල් අත්හිටුවූවද, මෙරට ඔලිම්පික් ශිෂ්‍යත්ව ලෙස ක්‍රීඩිකාවන්ට සිදුකරන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කරනා බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ජාතික ඔලිම්පික් කමිටුව වෙත එවා ඇති නිල ඊමේල් පණිවුඩයේ දන්වා ඇත.
ඒ අනුව ඊයේ (13) ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහ සභා රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී තීරණය කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවයි. ඒ කමිටුවේ වත්මන් නිල කාලය 2026 අප්‍රේල් මාසයේදී අවසන් වීමට නියමිතව තිබියදීය.
කෙසේවෙතත් ඊයේ දිනයේ රැස්වූ විශේෂ මහ සභා රැස්වීමේදී කඩිනමින් නිලවරණයක් පැවැත්වීම සඳහා වූ යෝජනාව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
ඒ අනුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය එළඹෙන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීමට සැලසුම් කරන බව වාර්තා වෙයි.