කේක් කපා ප්‍රභාකරන්ගේ 70වන උපන්දිනය සමරයි.!

යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් නිවස ආසන්නයේ ඊයේ (26) හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.කේ. සිවාජිලංගම් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය සැමරීමක් සිදුකර ඇත.

කේක් කපා මෙම සැමරුම සිදු කළ පිරිස විසින් තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. හෝ එහි නායකයා සම්බන්ධ කිසිදු ඡායාරූප හෝ සංකේතයක් ප්‍රදර්ශනය නොකළද, මෙම සිදුවීම ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක්ව තිබේ. යම් හෙයකින් එම සංවිධානයක් හෝ එහි ක්‍රියාකාරකම් ප්‍රචාරය කිරීමක් සිදු වූයේ නම්, නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කිරීමට සූදානම්ව සිටි බව වාර්තා වේ.

ප්‍රභාකරන්ගේ ඥාතියෙකු වන හිටපු මන්ත්‍රීවරයා පසුගිය කාලයේදීද මෙවැනි සැමරුම් කිහිපයක් සංවිධානය කර ඇති අතර, එම අවස්ථාවලදී නීති විරෝධී ක්‍රියාවල නිරත වීම සම්බන්ධයෙන් පොලීසිය විසින් ක්‍රියාමාර්ගද ගෙන තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.