හිටපු ඇමතිවරුන්ට සහ ඥාතීන්ට වැඩ වරදී.!

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසරේ මුල් මාස හතර තුලදී පමණක් පැමිණිලි 1726ක් ලැබී ඇති බව අල්ලස් කොම්සම සඳහන් කරයි.

එහිදී පැමිණිලි කමිටුව වෙත ඉදිරිපත් කර ඇති පැමිණිලි ගණන 1352ක් බවත් විමර්ශන කටයුතු සඳහා පැමිණිලි 200ක් ලැබී ඇති බවද අල්ලස් කොම්සම සඳහන් කරයි.

මෙම වසරේ ජනවාරි (01) වැනිදා සිට අප්‍රේල් මස (30) වැනිදා දක්වා කාලය තුළ අල්ලස් කොමිසම වැටලීම් මගින් සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජනවාරි (01) වැනිදා සිට අප්‍රේල් මස (30) වැනිදා දක්වා කාලය තුළ මහාධිකරණ නඩු 24ක්, දූෂණ සම්බන්ධ නඩු 07ක්, අයුතු වත්කම් ඉපැයීම සම්බන්ධ නඩු 02ක් ඇතුළුව නඩු 33ක් පවරා ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කරයි.

මේ අතර හිටපු අමාත්‍යවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයින් සහ ඔවුන්ගේ ඥාතීන්ට විරුද්ධව අල්ලස් කොමිසම විසින් ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බවත් එම පිරිස අතරින් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments