By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග හිටපු මන්ත්රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දන්වා ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබාදුන් එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම්දී ඇති බවද තැපැල්පති රුවන් සත්කුමාර සදහන් කරයි.
රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා එම මුද්දර පාර්ලිමේන්තුවේ සිටින සෑම මන්ත්රීවරයෙක්ට වාර්ෂිකව නොමිලේ නිකුත් කරන අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග සියලුම පහසුකම් අහෝසි වෙයි.