By unusuma.lk on
(LK time)මෙරට හිටපු දේශපාලනඥයන් තිහකට ආසන්න පිරිසක් මේ වනවිට දැඩි මානසික පීඩාවට හා අසීරුතාවට මුහුණපා සිටින බවට තොරතුරු වාර්තා වේ.
ඔවුන් බලයේ සිටියදී සිදු වූ සියලු දූෂණ වංචා අනාවරණය වෙමින් පැවතීම, ආරක්ෂාව හා බලය නොමැති වීම හා තනිකම නිසා ජනතාවට මුහුණ දීමට ඇති අසීරුතාව මෙම තත්ත්වයට හේතු වී ඇත.
කොළඹට කිට්ටු දිස්ත්රික්කයක හිටපු ප්රධාන පෙළේ දේශපාලනඥයෙක් පසුගියදා සියදිවි නසා ගැනීමට තැත් කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් එම දේශපාලන පිරිස දැඩි කම්පනයට පත්වී සිටින බවද වාර්තා වේ.
පසුගිය වසර ගණනාවක් පුරාවට පැවති ඡන්ද වලින් අන්ත පරාජයට පත් වූ ඇතැම් දේශපාලන පක්ෂ ඊළඟ මැතිවරණයේදී ජයග්රහණය කරනු ලැබූ අවස්ථා තිබුණත් මෙවර එම තත්ත්වය මුළුමනින්ම වෙනස් විය.
රටේ ජනතාව නොසිතූ ආකාරයට ඡන්දය පාවිච්චි කර තිබීම නිසා යළිත් වතාවක් දේශපාලන වශයෙන් තමන්ට හිස එසවීමක් සිදු නොවන බවත් වසර ගණනාවක් කරගෙන ආ දේශපාලන කටයුතු අවසන් වී ඇති බව එම පිරිසට තහවුරු වී ඇත.