By unusuma.lk on
(LK time)ගම්පහ ප්‍රදේශයේ ඉඩමක් බෞද්ධ මධ්‍යස්ථානයකට පිරිනමා තිබියදී හිටපු ජනාධිපති ආර්යාවක් විසින් එම ඉඩම වෙනත් පුද්ගලයකුට විකුණා ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
බෞද්ධ විහාරස්ථානයකට අයත් බව කියන මෙම ඉඩමේ පත්ඉරු පරීක්ෂා කිරීමේදී ඉඩම හිටපු ජනාධිපති ආර්යාවකට අයත්ව තිබූ බව අනාවරණය වූ බවත් ඇය 2012 පෙබරවාරි (05) වැනිදා ගම්පහ මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථානයට පවරා දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
බෞද්ධ මධ්‍යස්ථානයට පවරා තිබියදී ඇය දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයකුට 2023 ඔක්තෝබර් (10) වැනිදා විකුණා ඇති බවත් ඉඩමේ පවතින ගොඩනැඟිල්ලේ විදුලි බිල් ගෙවා තිබෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් විසින් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
හිටපු ජනපති ආර්යාවගේ මෙම රැවටීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.