වංචාව හෙළිවෙද්දි රනිල් සියල්ල වමාරයි.!

තම පාලන සමය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී ඇති ආකාරය පිළිබඳ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ (19) නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර ඇත.

2022 වසර අවසන් වනවිට පැවති සියලු අයැදුම්පත් සදහා ගෙවීම් සිදුකල බවත් ඒ සදහා රුපියල් මිලියන 1515ක්, 2023 වර්ෂයේ රුපියල් මිලියන 839ක් හා 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දළ වශයෙන් රුපියල් මිලියන 450ක් රෝගීන් සදහා වෛද්‍යාධාර ලෙස ගෙවා ඇති බව සදහන් කරයි.

මහජන නියෝජිතයන් පෞද්ගලිකවම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද එක ඉල්ලීමකට හැර අනෙකුත් සියලු ඉල්ලීම් සදහා ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබාදී නෙමැති බව සදහන් කරයි.

පසුගිය 2022 ජූලි (31) වනවිට ජනාධිපති අරමුදලේ පැවති රුපියල් මිලියන 7,000ක මුදල විවිධාකාර ගෙවීම් මධ්‍යයේ වුවද 2024 සැප්තැම්බර් (21) වනදා වනවිට රුපියල් මිලියන 11,000 ඉක්මවා යන ශේෂයක් පවත්වාගෙන යාමට තමන් කටයුතු කළ බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

මේ අතර පසුගිය වසර කිහිපය ඇතුළත ජනාධිපති අරමුදලින් තම පෞද්ගලික සෞඛ්‍ය කටයුතු සදහා යැයි පවසමින් කෝටි ගණන් මුදල් ලබාගත් හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් ලයිස්තුව අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පාර්ලිමේන්තුවේදී සභා ගත කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.