By unusuma.lk on
(LK time)පසුගිය වසරවල ජනාධිපති අරමුදලින් සල්ලි ගත්තු සමහර ඇමතිවරු ඇත්තටම මුදල් අමාරු අය බවත් ඒ අය ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දහය, ලක්ෂ විස්ස, ලක්ෂ තිහ වශයෙන් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක සදහන් කරයි.
හිටපු සමහර මැති ඇමතිවරුන් බලය පාවිච්චි කර ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 2300, 2400 ගත්ත එක වරදක් බවත් එය මුදල් අවභාවිතාවක් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක සදහන් කරයි.
සල්ලි තියෙන මැති ඇමතිවරුත් එතනින් මුදල් ලබාගෙන තිබූ බවත් තමා එම අරමුදලින් සත පහක් ලබාගෙන නැති බවත් හෘද රෝගීන් වකුගඩු රෝගීන් වෙනුවෙන් තමා මැදිහත්වී එම අරමුදලින් මුදල් ලබා ගෙනදී ඇතැයි සදහන් කරයි.
එහෙත් සාමාන්‍ය මිනිස්සුන්ට එම අරමුදලෙන් මුදල් නිකුත් කරන්නේ හෑලි මෑලි විදියට බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරමුදලෙන් මුදල් දින කිහිපයක් ඇතුළත නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ බවද සදහන් කරයි.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මේ බව සදහන් කරයි.