කිසිදු අධිකරණ නියෝගයකින් තොරව සිය අභිමතය පරිදි පසුගිය 2019 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමේ සිදුවීමට අදාළව හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න අත්අඩංගුවට ගත්තේය.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (09) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න අත්අඩංගුවට ගත්තේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඩබ්ලිව්. තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත්කළ අතර අනතුරුව ඔහු 2019 නොවැම්බර් (24) වැනිදා අපරාධ පරීක්ෂණ නිලධාරීන් 704 දෙනාට ඔහුගේ අභිමතය පරිදි විදෙස් ගමන් තහනමක් පැනවීමට කටයුතු කළේය.
ඒ අනුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරුණු අතර විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.
මේ අතර ඩබ්ලිව්. තිලකරත්න කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට අනියුක්තව සේවය කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කළේය.

