By unusuma.lk on [last-modified] (LK time)
පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදීමට රැගෙන යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අතරමගදි බලහත්කාරයෙන් පැහැර ගැනීම වලක්වන්නැයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත එම චක්‍රලේඛය නිකුත් කරමින් උපදෙස් ලබාදී ඇත.
පරිත්‍යාගශීලින් ලබාදෙන සහනාධාර අතරමග රැඳී සිටින පිරිස් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයා එම පියවර ගෙන ඇත.
අතරමගදි එම භාණ්ඩ බලහත්කාරයෙන් පැහැර ගැනීම වැලැක්වීමට පොලිස් වසම් තුල උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.
එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් නොපමාව විමර්ශන සිදුකර ඊට අදාල තැනැත්තන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කල යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ.
විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන පරිත්‍යාගශීලින් ආපදාවට ලක්ව සිටින ජනතාව වෙත භාණ්ඩ බෙදාහැරීම් සිදුකිරීමේදී එය ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය සහාය නොමදව ලබාදිය යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.






