ඉන්ධන ගන්න දෙන්න අලුත් ක්‍රමයක්.!

දිවයින පුරා ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරමින් විද්‍යුත් උපාංගයක් (App) හදුන්වා දුන් බව ලංකා ඛනිජ ‌තෙල් සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සදහන් කරයි.

ඒ හරහා රට පුරාම ඉන්ධන ඇනවුම් කිරීම සහ ‌බොදාහැරීම වඩාත් ක්‍රමවත් වී ඇති බවත් ලෝකයම ඩිජිටල්කරණයට යොමු වෙමින් තිබියදී ශ්‍රී ලංකාවට පමණක් ඉන් බැහැර විය නොහැකි බවද අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සදහන් කරයි.

මෙම නව විද්‍යුත් ක්‍රමය හරහා ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය පාලනය වීමෙන් ඛනිජ තෙල් තොග පර්යන්තයේ සහ පිරවුම්හල් යන පාර්ශව දෙකේම කටයුතු විධිමත් සහ පහසුවී ඇති බවද අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.