ඉන්ධන මිලේ වෙනසක්.!

අද (31) දිනට යෙදී ඇති මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව ඉන්ධන මිලේ වෙනසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය මාසයේ සිදුකළ මිල සංශෝධනය අනුව ඉන්ධන මිල ගණන් අඩු කිරීමට රජය කටයුතු කළ අතර ඔක්තෝබර් මාසයේ මිල සංශෝධනය අදට යෙදී ඇත.

ඒ අනුව අද දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතව ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 311ක් ලෙසත්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 283ක් ලෙසත්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 319ක් ලෙසත්, භූමිතෙල් ලීටරයක් රුපියල් 183ක් ලෙස මේ වනවිට පවතියි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.