By unusuma.lk on [last-modified] (LK time)
උඩපළාත ඉහළගම මාවතුර ප්රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති.
අතුරුදන් පිරිසගෙන් 15 දෙනකු ගේ සිරුරු ගම්වාසීන් විසින් සොයාගෙන ඇති අතර තවත් 25 දෙනකු සොයා ගැනීමට නැතැයි ඔවුහු පවසති.
මියගිය අයගේ අවසන් කටයුතු කිරීම භික්ෂුන් වහන්සේලාගේ සභාගීත්වයෙන් තොර ගම්වාසීන් හා මියගිය අයගේ ඥාතීන් විසින්ම ආගමික වතාවත් පවත්වා අවසන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.
ආගමික වතාවත් සිදු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම අපහසු වී ඇතැයි ද ගම්වාසීන් පවසති.
අතුරුදන් වූ පිරිස සොයා මේ වන විටත් ගම්වාසීන් විසින් පස් ඉවත්කරමින් සිටිනා බව සඳහන්.
එම ප්රදේශයේ සිදුවූ නාය යාම හේතුවෙන් ගම්මානයේ ගම්වැසියන් 40ක් පමණ දෙනා මිය ගොස් සහ අතුරුදන්ව සිටින අතර තවත් 600 කට ආසන්න ප්රමාණයක් අවතැන් වී සිටින බවද සඳහන්.
ගම්මානයේ දැනට අවතැන්වී සිටිනන පුද්ගලයනට මෙතෙක් කිසිදු හව්හරණක් නොමැතිව ප්රදේශයේ පාසලක සහ භික්ෂුණී ආරාමයක රඳවා සිටින බවත් පැවසෙයි.






