පාස්කු ප්‍රහාරය පෙන්වා ගම්මන්පිල දේශපාලන ගේමක.. හිටපු ප්‍රබලයෙක් පසුපස.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හිටපු ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ අවශ්‍යතාව මත පාස්කු ප්‍රහාරය ගැන සිදුකරන පරීක්ෂණ වලට බාධා කිරීමට මේ දිනවල උත්සාහ දරමින් සිටින බව තොරතුරු වාර්තා වේ.

මහ මැතිවරණයට පෙර දේශපාලන වාසියක් ලබාගැනීමට මෙම උත්සාහය දරමින් සිටින බවත් සමස්ථ පාස්කු විමර්ශනය පිළිබඳවම ජනතා විශ්වාසය බිඳ දැමීම මෙම සැලසුමේ මූලික අරමුණ බවද වාර්තා වේ.

උදය ගම්මන්පිල අතට යම් වාර්තාවක් ලබාදී ඇත්තෙත් ඔහු පසුපස සිටින හිටපු ආණ්ඩුවේ ප්‍රබලයා විසින් බවත් එම පුද්ගලයාගේ එකම අභිප්‍රාය මේ වනවිට ඔහුට තර්ජනයක් වී ඇති නිලධාරින් දෙදෙනෙක් නිෂ්ක්‍රීය කිරීම බවද වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණයකින් සහ සාක්ෂි ගොනුකර ඇරඹීමට නියමිත පරීක්ෂණයකින් හිටපු ආණ්ඩුවේ ප්‍රබලයා වැරදිකරු බවට නම් කිරීමට පෙර එය අවුල් කර දැමීම ඔහුගේ ඉලක්කය බවද වාර්තා වේ.

⚡- 1650 Readers , 1 Total views

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments