ගම්මන්පිලට රජයෙන් පතෝල පිළිතුරක්.!

අද (27) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මුලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසූවේ, බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් විදෙස් ඇමති විජිත හේරත් මහතා දී ඇති පිළිතුර ‘පතෝල’ පිළිතුරක් ලෙස තමා දකින බවයි.

මෙරට රණවිරුවන්ට පැනවූ තහනම පිළිබඳ කල්මරමින් හිටි ආණ්ඩුව වෙනුවෙන් විදෙස් ඇමති විජිත හේරත් මැතිතුමා ප්‍රතිචාර දක්වා ඇති බවත් එම ප්‍රතිචාරය ගුණත් නැති අගුණත් නැති පතෝල ප්‍රතිචාරයක් බව ගම්මන්පිල මහතා එඉදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එය බ්‍රිතාන්‍ය කලේ ඒකපාර්ශවීය තීරණයක් යැයි ආණ්ඩුව පවසන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ කතා කර හවුලේ ගත්තු තීරණයක් යැයි ඒ ප්‍රකාශයේ සඳහන්ව නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාකූල වන්නේ යැයි විදේශ ඇමතිතුමාගේ ප්‍රකාශය සහතික ඇත්ත බව කී ගම්මන්පිල මහතා බ්‍රිතාන්‍ය මෙරට රණවිරුවන්ට බරපතල චෝදනාවකින් දමලා ගහද්දි ආණ්ඩුවෙන් මීට වඩා ප්‍රබල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...