ගම්මන්පිල අධිරාජ්‍යවාදීන් සමග හැපෙයි.. විමල් යුද්දෙට කඩු සොයයි.!

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා එක්සත් රාජධානියෙන් ප්‍රශ්න කර සිටින්නේ රණවිරුවන් යුධ අපරාධකරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය සිදු කළ පරීක්ෂණය කුමක්ද යන වගයි.

එක්සත් රාජධානිය විසින් ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නා ගොඩ, ජගත් ජයසූරිය ඇතුළු පිරිසට පනවා ඇති තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ගම්මන්පිල මහතා බ්‍රිතාන්‍ය විසින් පිළිතුරු ලබාදිය යුතු ප්‍රශ්න තුනක්ද ඉදිරිපත් කළේය.

“අපේ රණවිරුවන් වැරදිකරුවන් කිරීමට පෙර ඔවුනට නිදහසට කරුණු කීමට අවස්ථාවක් දුන්නාද. ලෝකයේ බිහිවුණු තිරස්‌චීනම ත්‍රස්තවාදී නායකයන්ට එක්සත් රාජධානිය ක්ෂේම භූමියක් වෙද්දී ත්‍රස්තවාදියා අවසන් කළ රණවිරුවන් අපරාධකරුවන් වන්නේ කෙසේදැයි එක්සත් රාජධානිය ලෝකයට පැහැදිලි කරන්න ඕන.”

මේ අතර රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ‌පවසයි.

කොළඹ දී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තිබෙනවා නම් ඒවා අපි මේ වෙලාවේ යොදා ගන්න ඕන. මෙවැනි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට නොගන්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අහන්න තමයි තියෙන්නේ.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...