ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකුට ඇප.!

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීමක් විභාග කිරීමෙන් පසුව රුපියල් 75,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම සැකකරු අදාළ අපරාධයට සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් මොහු ඇප මත මුදාහරින බව විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments