ගැරඬිඇල්ලේ මිනී මතින් කොන්දොස්තරගේ සල්ලි මල්ලටත් විදලා.?

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථයේ සිටි මගීන්ගේ ගමන්මලු, ජංගම දුරකථන සහ අනෙකුත් බඩු බාහිරාදී තොගයක් කොත්මලේ පොලීසිය තුළ සුරක්ෂිතව තබා ඇති බව කොත්මලේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා පැවසයි.

ස්ථානාධිපතිවරයා පැවසූවේ අනන්‍යතාවය තහවුරු කර ඒවා ලබාගත හැකි බවය. 

අදාළ අනතුර සිදුවූ ස්ථානයේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව තමා වෙත ලැබුණු ජංගම දුරකථන 35ක්, ගමන්මලු හා අනෙකුත් දෑ පොලීසිය තුළ මෙසේ තබා ඇති බව කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් බස් රථයේ කොන්දොස්තරවරයාගේ ටිකට් පොත හා එකතුව තිබූ මුදල් සොයා ගැනීමට නොහැකිව ඇති බවද වාර්තා වෙයි.

මේ හේතුවෙන් අනතුර සිදුවෙන මොහොතේ ගමන් ගත් නිශ්චිත මගීන් සංඛ්‍යාව අනාවරණය කරගැනීමට පවා විමර්ශකයන්ට නොහැකි වී ඇත.

ඒ අනුව මෙම ටිකට් පොත සොයා පොලීසිය, යුද හමුදාව හා ගම්වාසින් බොහෝ ස්ථාන පරික්ෂා කළද එය මේ වනතුරුත් හමුවී නොමැත.

යමෙකු විසින් එම මුදල් මල්ල සහ ටිකට් පොත සොරාගන්නට ඇතැයිද පොලීසිය සැකකරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments