
පෙරේදා (25) පැවැත්වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල සාහිත්‍ය රසාස්වාදය II පත්‍රයේ පළමු ප්‍රශ්නයේ ගැටළුකාරී තත්වයක් ඇතිව ඇති බව වාර්තා වේ.
ප්‍රශ්න ප්‍රශ්නයේ උපදෙස් තීරුවේ අනු ප්‍රශ්න 5ට ලකුණු 6 බැගින් ලකුණු 30ක් ලැබෙන බව සඳහන් වන නමුත් එහි ඇතුළත්ව ඇත්තේ ප්‍රශ්න 4ක් පමණක් බව පැවසෙයි.
ඒ අනුව අපේක්ෂකයන්ට ලකුණු 24ක් පමණක් හිමිවන අතර ලකුණු 6 ලබා ගැනීමට ප්‍රශ්නයක් නොමැති බව වාර්තා වෙයි.
මෙම ගැටලුව විසඳීමට නිදහස් ලකුණු හයක් ලබා දීම හෝ ලකුණු 30 ප්‍රශ්න හතර අතර බෙදා හැරීම යන විකල්ප අනුගමනය කළ යුතුව ඇත.
සිංහල සාහිත්‍ය රසාස්වාදය සඳහා සාමාන්‍යයෙන් අයැදුම්කරුවෝ දෙලක්ෂ පනස් දහසකට අධික පිරිසක් පෙනී සිටිති. මින් පෙර වසරවල මෙම ප්‍රශ්නයට අදාළව අනු ප්‍රශ්න පහක් ලබා දී තිබේ.
කෙසේවෙතත්, මෙම ප්‍රශ්නයේ එක් අනු ප්‍රශ්නයක කොටස් තුනක් විමසා තිබෙන හෙයින් ගැටලුවක් ඇති නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.