Attention

ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්පරයට ඝන අඩි 16,500ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය මත දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ගංගා නිම්නයේ පහළ ප්‍රදේශ වලට හා ඒ ආශ්‍රිත පහත්බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවයි.

මේ අතර කලා ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනිසා රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල අයට ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවලට හා ඒ ආශ්‍රිත පහත්බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද සඳහන් කරයි.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්ත්පරයට ඝන අඩි 13,200කට අධික සීඝ්‍රතාවයකින් කලාඔයට ජලය මුදාහරිමින් පවතින බවද සඳහන් කරයි.

ජනපති අනුරගේ උපදෙස් මත අග්බෝ සොයන්න විශේෂ බල ඇණියක්

ජනපති අනුරගේ උපදෙස් මත අග්බෝ සොයන්න විශේෂ බල ඇණියක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ නියෝග මත අග්බෝ වන අලියා සොයා මෙහෙයුමක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

පරිසර අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශයේ වනගත භූමිය තුළ අග්බෝ වන අලියා සොයා වනජීවී නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත බල ඇණියක් මෙහෙයුම් වල නිරතව සිටියි.

අග්බෝ වන අලියා කඩිනමින් සොයාගෙන එම සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා කණ්ඩායම වහාම යෙදවීමට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී ඇත.

කස්සප හිමිට පහරදීම ගැන පොලීසියෙන් නිවේදනයක්

කස්සප හිමිට පහරදීම ගැන පොලීසියෙන් නිවේදනයක්

සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේ සත්‍යග්‍රහයක යෙදී සිටි බලංගොඩ කස්සප හිමි හට පොලිස් නිලධාරින් විසින් පහරදුන් බවට සදහන් කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

2026.10.17 වන දින රාත්‍රී කාලයේ කුරුදුවත්ත පොලිස් වසමේ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පිහිටි බුදු පිළිමය ඉදිරිපිටදී, බලංගොඩ කස්සප හිමිගේ ප්‍රධානත්වයෙන් දැනට බන්ධනාගාර ‌ගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිසි ක්‍රමවේදය යටතේ නිදහස් කරන ලෙසට ඉල්ලා විරෝධතා සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.

එම ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් පැමිණ සිටින පිරිස ආමන්ත්‍රණය කිරිමට හා ටෙන්ට් රෙද්දක් භාවිතා කර තාවකාලික අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් විසින් එය නීත්‍යානුකූල නොවන බව පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේ බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමින්වහන්සේලා රැස්වී සිටියදී එම ස්ථානයේ තිබූ කොන්ක්‍රීට් පඩියකින් ලිස්සා වැටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රතිකාර ලබා ගැනිම සදහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබාගෙන මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත.

පොලිස් නිලධාරින් විසින් පහර දීමක් සිදුකර නොමැති අතර, ලිස්සා වැටිම හේතුවෙන් එම හිමි නම හදිසි අනතුරකට ලක්ව ඇත. මෙවැනි අසත්‍ය, මහජනයා කුපිත වන, නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි ප්‍රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රියාත්මක වන බවත් දැනුම් දෙනු ලැබේ.

අසත්‍ය තොරතුරු පල කරනු ලබන වීඩියෝ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

බන්ධනාගාරගත භික්ෂූන්ට එළියට වැඩම කිරීමේදී චීවරය දැරීමට අවසර

බන්ධනාගාරගත භික්ෂූන්ට එළියට වැඩම කිරීමේදී චීවරය දැරීමට අවසර

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේ නමක් එම බන්ධනාගාරයෙන් බැහැරට වැඩම කරවන්නේ නම්, උන්වහන්සේට චීවරය පැළඳ සිටීමට අවසර ලබාදීමට කමිටු නිර්දේශ ලැබී ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

අදාළ භික්ෂූන් වහන්සේ අයත් නිකායෙන් එසේ නොකරන ලෙස නිල වශයෙන් දැනුම් දෙනතුරු එම අයිතිය නොවෙනස්ව පවතින පරිදි බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කළ යුතු බවට නිර්දේශ කර ඇත.

එමෙන්ම බන්ධනාගාර නීති යාවත්කාලීන කමිටු නිර්දේශ අනුව නිත්‍ය නියෝග ‘356’වෙනුවට 356 (අ) ලෙස සංශෝධනයක් සහ 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනයට අතුරු විධානයක් අදාළ කමිටුව විසින් යෝජනා කර ඇත.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

“බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 ‘අ’ ලෙස කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් යෝජනා කර තිබෙනවා.

යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් හැද සිටි ස්වකීය සිරකරු ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී ක්‍රියාමාර්ග ගැනීම සඳහා දින 10ක කාලයක් ලබාදී තිබේ බන්ධනාගාර කොමසාරිස්ට.

වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙකු සිරකුරුවෙකු වුණොත් මේ ප්‍රතිපාධන අදාළ ලෙස වෙනස් කරගමින් එයට අදළ කරගත යුතු වෙනවා. එමෙන්ම නිත්‍ය නියෝග 550 අලුතින් කොටසක් එකතු වෙලා සංශෝධනයක් එනවා.

ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් එළියට රැගෙන යනවා නම් එවන් අවස්ථාවක චීවරය පැළද සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා.“

කාලගුණය කැළඹෙයි.. ඉදිරි පැය 24 ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

කාලගුණය කැළඹෙයි.. ඉදිරි පැය 24 ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් අද (12) රාත්‍රියේ සිට ඉදිරි දින තුනක කාලය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එනිසා ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.

මේ අතර ඉදිරි වාර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් තෙත් කලාපයේ ඇතැම් ගංඟා ද්‍රෝණිවල ජලමට්ටම් මේ වනවිටත් ඉහළ මට්ටමක පවතින බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

විශේෂයෙන් පොල්අතුමෝදර සහ බෙන්තර වැනි කුඩා ගංඟා ද්‍රෝණිවලද ජලමට්ටම් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ස්ථානවල ජලමට්ටම් අවදානම් මට්ටමට ආසන්නව පවතින බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

ඉදිරි කාලගුණ අනාවැකි අනුව මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට මෙන්ම වියළි කලාපයට ජලය ගලා බසින ගංඟාවලද ජලමට්ටම් ඉහළ යා හැකි බවත් වියළි කලාපයේ ප්‍රදේශ වලට වර්ෂාව ලැබීමත් සමඟ ඇතැම් ගංඟාවල ජලමට්ටම් හදිසියේ ඉහළ යා හැකි බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

එනිසා ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර ජනතාව⁣ට දැනුම් දෙයි.

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක්.. දිස්ත්‍රික්ක රැසකට තද වැසි

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක්.. දිස්ත්‍රික්ක රැසකට තද වැසි

ඉදිරි පැය 36 සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

සියලුම රාජ්‍ය සේවකයින් ගැන රජය ගත් අලුත්ම තීරණය

සියලුම රාජ්‍ය සේවකයින් ගැන රජය ගත් අලුත්ම තීරණය

රජය විසින් සෑම රාජ්‍ය සේවකයෙකු සඳහාම නිල Email ලිපියක් ලබාදීමට තීරණය කර ඇති බව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

එමගින් රාජ්‍ය සේවය ජාලගත කිරීමටත්, වීඩියෝ සම්මන්ත්‍රණ ආදි කටයුතු සඳහා පහසුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට මෙන්ම එක් එක් රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරු කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීමටත් හැකි වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

මේ වනවිට බොහෝ රාජ්‍ය සේවකයින් භාවිත කරන්නේ පෞද්ගලිකව සකසා ගත් Email ලිපියනයන් වන අතර රජය මගින් ඔවුන්ට හඳුන්වා දෙන නිල Email ලිපියන් හරහා ලියකියවිලි ආදී අත්‍යවශ්‍ය දත්ත යොමු කිරීම වඩාත් පහසු වන බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල වඩාත් ඵලදායී ලෙස වේගවත් කිරීමට එය පිටිවහලක් වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ඇමති විජිත අමෙරිකාවට

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ඇමති විජිත අමෙරිකාවට

විදේශ අමාත්‍ය විජිත හේරත් අද (26) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

සඳුදා පැවැත්වෙන මහා මණ්ඩල විවාදයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කරනු ඇත.

පසුගිය (22) වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය, ලබන (28) වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එහිදී අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය

අභියාචනාධිකරණයට විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර ඇත.

මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත පහත නම් සඳහන් අධිකරණ සේවා නිලධාරීන් තිදෙනා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (23) දින පත් කිරීමට නියමිතය.

01- පෙරුමාල් සිවකුමාර්
02- ආනන්දි කනගරත්නම්
03- ඤාණේස ලලිත් කන්නන්ගර

ඉදිර පැය 24 ගැන අනතුරු ඇඟවීමක්

ඉදිර පැය 24 ගැන අනතුරු ඇඟවීමක්

බටහිර – මධ්‍යම සහ ඊට යාබද නැගෙනහිර – මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය, බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ එය ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 12 සඳහා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා දැඩි අවධානය පිණිස මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 – 65 දක්වා වැඩි වන අතර මුහුද විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව සඳහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමඟ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත් වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Follow WhatsApp Channel