ජෙමිනිඩ්ස් දැකගන්න රාත්‍රියේ අහස බලන්න.. ආතර් සී ක්ලාක් කියයි.!

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව / ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය / 2024 උල්කාපාත / උතුරු නැගෙනහිර අහස / ඉන්දික මැදගංගොඩ

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බවයි.

හෙට රාත්‍රියේ එම උල්කාපාත වර්ෂාවක දර්ශනීයම සහ උච්චතම අවස්ථාව දැක බලා ගැනීමට මෙරට ජනතාවට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසන්නේ රාත්‍රී 9න් පසුව උතුරු නැගෙනහිර අහසේ ‍දර්ශනය වන මෙම උල්කාපාත පැයකට 120ක් පමණ දිස්වන බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.