By unusuma.lk on
(LK time)හෘද සැත්කම් සදහා අවශ්‍ය වෛද්‍යවරුන් මෙන්ම පහසුකම් නොමැති වීම හේතුවෙන් වව්නියාව මහ රෝහලේ මෙම 2024 වසරේ රෝහල්ගත වූ රෝගීන් 54 දෙනකු මියගොස් ඇතැයි වව්නියාව රෝහලේ සංඛ්‍යා දත්ත වලින් හෙළිව ඇත.
මියගිය හෘද රෝගීන් 54 දෙනාගෙන් 46ක්ම වයස අවුරුදු 45ට අඩු රෝගීන් බවත් වව්නියාව මහ රෝහලේ හෘද සැත්කම් කිරීම සදහා අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙස වෛද්‍යවරුන් ඉල්ලා සිටියි.
රුපියල් කෝටි ගණනක් වටිනාකමකින් යුතු හෘද රෝග ඒකකයක් සහ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකුද සිටින නමුත් අවශ්‍ය වන පුහුණුව ලත් වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මෙන්ම කාර්ය මණ්ඩලයක් නොමැතිකම හේතුවෙන් රෝගීහු දැඩි පීඩාවන්ට පත්ව සිටියි.
වව්නියාව මහ රෝහලේ පහසුකම් නොමැති වීම හේතුවෙන් හෘද රෝගීන්ට යාපනය ශික්ෂණ රෝහල වෙතට යාමට සිදුව ඇති බවත් එනිසා ඔවුන්ට ආර්ථීක ඇතුළු ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන බවද රෝහලේ වෛද්‍යවරු සදහන් කරයි.
වව්නියාව රෝහලේ හෘද රෝග ඒකකයක් පිහිටුවා ඇති නමුත් හෘද රෝග හඳුනා ගැනීම සදහා භාවිතා කෙරෙන (angiogram) පරීක්ෂණ කිරීමට අවශ්‍ය උපකරණ මේ වන විටත් ලබාදී නොමැති බවද වෛද්‍යවරු සදහන් කරයි.