ඥණසාර හිමිට වරෙන්තු නිකුත් කරයි.!

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වරෙන්තු නිකුත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරිය අද (09) දින නියෝග කළාය.

පසුගිය 2014 වසරේදී බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ විසින් කුරානයට අපහාස කළ බවට පැවරූ නඩුවක් විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී නොසිටීම මත මෙලෙස වරෙන්තුවක් නිකුත් කර ඇත.

නඩු විභාගය 2025 වසරේ මාර්තු මස (05) වනදා දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.