ගෝඨාභයට වැඩ වරදී.. අධිකරණයට කැඳවයි.!

මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙනනඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කළේ, අදාළ නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවත් යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීමට ඔහු කැමැත්තෙන් පසුවන බවයි.

ඒ අනුව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මෙම පෙත්සම එළඹෙන 2025 වසරේ මාර්තු මස (18) වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.

ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.