
පෙබරවාරි මාසයට අදාළව මෙරටට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 548.1 ක් බවත් ඒ අනුව පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වෙයි.
2024 වසරේ මුල් මාස දෙක තුළ ලද ප්‍රේෂණ වටිනාකම් වූ ඩොලර් මිලියන 963.7 ක් බවත් පසුගිය වසර හා සැසඳීමේදී එය 16.3% වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
මහ බැංකු සතිපතා ආර්ථික දර්ශක වාර් තාවට අනුව මෙම වසරේ පළමු මාස දෙක තුළ ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,121 වේ.
එමෙන්ම 2024 වසරේදී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 6.6 ක් වූ අතර මේ වර්ෂයේ දී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 7 දක්වා වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.