By unusuma.lk on
(LK time)සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී – ආර් සංකල්පයට” අනුගත වීම සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීමට සියලුම රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.
ඒ අනුව රාජකාරී කටයුතුවලදී හැකිතාක් දුරට කඩදාසි භාවිතය අවම කිරීම, තනි භාවිත ප්ලාස්ටික් භාවිතය අධෛර්යමත් කිරීම සහ පරිසර හිතකාමී විකල්ප භාවිතය මගින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සිදුකළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පෙන්වා දෙයි.
මෙම චක්‍රලේඛය බලාත්මක දින සිට මාස 6ක කාලසීමාවක් ඇතුළත ස්වකීය ආයතන සදහා විධිමත් කසල කළමනාකරණ සැලැස්මක් සංවර්ධනය කර ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි.
දිවයින පුරා පිහිටි බොහෝ රාජ්‍ය ආයතන නාගරික ප්‍රදේශ කේන්ද්‍රගතව පිහිටා ඇති අතර එම ආයතන වෙත දෛනිකව පැමිණෙන විශාල ප්‍රමාණයක් හෝ රාජ්‍ය සේවකයින් හරහා නිර්මාණය වන අපද්‍රව්‍ය පාලනය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.