ආණ්ඩුවේ කටයුතු අවසන්.. දැන් වැඩ පමණයි.!

එළඹෙන අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ වැටුප් හිමිවන බැවින් රජයෙන් කළ යුතු සියලු කටයුතු අවසන් කර ඇති බවත් දැන් තිබෙන්නේ එම ආයතනවල නිලධාරීන් විසින් ඉටු කළ යුතු වැඩ කොටස බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

වැඩි කළ වැටුප එළඹෙන අප්‍රේල් මස (10) වැනිදා වනවිට ලබා ගැනීම සඳහා උනන්දුවෙන් කටයුතු කිරීමට රාජ්‍ය සේවකයාගේම කාර්යය දැන් ඉතිරිව ඇති බවත් ඒ සඳහා රාජ්‍ය සේවකයින් කටුයතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවත් අතිකාල ආදී විවිධ ප්‍රශ්න සමග සිටි රාජ්‍ය සේවකයාට දැන් එම චක්‍රලේඛය කියවා බලා එම ගැටලු නිරාකරණය කරගත හැකි බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...