රජයේ නිලධාරීන්ට නව වසර වෙනුවෙන් විශේෂ මුදලක්.!

2025 සදහා විශේෂ අත්තිකාරම් මුදලක් රජයේ නිලධාරීන්ට ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව රාජ්‍ය නිලධාරින් සදහා රුපියල් 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බව එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙයි.

එම අත්තිකාරම ගෙවීම 2025 වසරේ ජනවාරි පළමු වැනිදායින් ආරම්භ කර පෙබරවාරි (28) වැනිදායින් අවසන් කළ යුතු බව එම චක්‍රලේඛයේ දැක්වෙයි.

එදිනට පසු ගෙවීම නොකළ යුතු බවත් එම අත්තිකාරම් මුදල 2025 වසර තුලදීම අයකර අවසන් කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රලේඛය මගින් දන්වා ඇත.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.