By unusuma.lk on
(LK time)රජය විසින් මෙරටට සහල් ආනයනය කිරීම සදහා ලබාදී ඇති කාලය හෙට (10) දිනයෙන් අවසන් වේ.
වෙළෙඳපොළේ පැවති සහල් හිඟය සැලකිල්ලට ගෙන රජය විසින් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සදහා අවසර ලබා දුන්නේය.
රජය විසින් ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115000ක් මේ වනවිට වෙළෙඳපොළට මුදා හැර ඇති අතර කැකැළු සහල් මෙට්‍රික්ටොන් 45,000ක් සහ තැම්බු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ඒ අතරට ඇතුළත්ය.