By unusuma.lk on
(LK time)පසුගිය රජය සමයේ හිටපු ඇමතිවරුන්ට ලබාදුන් නිල නිවාස වලින් මෙතෙක් බාරදි ඇත්තේ 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
හිටපු අමාත්‍යවරුන්ට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල නිල නිවාස 41ක් ලබාදී ඇති අතර පසුගිය ජනාධිපතිවරණය අවසන් වූ වහාම අදාළ නිල නිවාස බාරදෙන ලෙසට දැනුම් දුන් බවද එම අමාත්‍යංශය සදහන් කරයි.
තවදුරටත් රජයේ නිල නිවාස ලබාදීම පැහැර හරින හිටපු ඇමතිවරුන්ට එරෙහිව නීත්‍යානුකූල කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවද එම අමාත්‍යංශය සදහන් කරයි.