පසුගිය 2016 වසරේ ජනවාරි මස (01) වන දිනට පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
එම සංශෝධනයට අනුව සියලුම රාජ්‍ය නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන අතර ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන නිලධරයන්ගේ පත්වීම් ලිපි වලද විශ්‍රාම වැටුප් පිලිබඳ වගන්තිය මෙලෙස සංශෝධනය කිරීම සිදුකළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.
ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත එම අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර විසින් නිකුත් කර ඇත.

