By unusuma.lk on
(LK time)මේ වනවිට අමුමිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ සදහන් කරයි.
දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 750ත් 850ත් සදහන් විය.
නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් පසුගියදා රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබුණේය.
මේ අතර රට පුරා එළවළු සිල්ලර වෙළඳසල් බොහොමයක අමුමිරිස් ග්‍රෑම් සීයක් රුපියල් 120ත් රුපියල් 150ත් අතර මිලකට ඉහළ ගොස් තිබුණේය.
ඒ අනුව සාමාන්‍ය ජනතාවට අමු මිරිස් කිලෝ එකක් ගන්නා විට රුපියල් 1200ත් 1500ත් අතර මිලක් ගෙවීමට සිදුවෙන බව පාරිභෝගිකයෝ සදහන් කරයි.