සීමාසහිත හලාවත විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරිය සහ තවත් සේවිකාවන් පිරිසක් විසින් කාන්තාවක ගස් බැඳ පහර දීමේ සිද්ධියක් හලාවත – බංගදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
පහර කෑ කාන්‍තාව මේ වනවිට ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
තිදරු මවක් වන අදාළ කාන්තාව වසර ගණනාවක සිට බංගදෙණිය මංසන්ධියේ ඇති පුද්ගලික ගොඩනැගිල්ලක් පිටුපස මුළුතැන් ගෙයක් සාදාගෙන සුළු ව්‍යාපාරික කටයුත්තක් කර ගෙන ගොස් ඇත.
කෙසේවෙතත් එම ගොඩනැගිල්ල මෑතකදී හලාවත විවිධ සේවා සමුපකාර සමිතිය විසින් මිලදී ගෙන ඇති අතර සමුපකාරය විසින් ගොඩනැගිල්ල සහිත ඉඩම මිලදී ගත්තද ඇය එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නොමැති බව වාර්තාවේ.
ඒ පිළිබඳව ඇති වූ කතාබහකින් පසුව හලාවත විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරිය සහ තවත් සේවිකාවන් පිරිසක් එම ස්ථානයට ගොස් එම කාන්තාව කණුවක බැඳ පහර දීම සිදුකර ඇති බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.