ඊශ්‍රායල හමුදා විසින් නිල ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටින්නේ පසුගිය 13 වන දා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩෙයිෆ් ඝාතනය කළ බවයි.
ගාසා තීරයේ ඛාන් යුනිස් නමින් හැඳින්වෙන ප්‍රදේශයට එම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති අතර එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා සිට ඇති බවත් එම ප්‍රහාරයෙන් ඔහු මියගොස් ඇති බවත් ඊශ්‍රායලය පවසයි.
කෙසේ වෙතත් පසුගියදා හමාස් සංවිධානයේ නායකයා ලෙස හැඳින්වෙන ඉස්මයිල් හනියේ ඉරාන සංචාරක් අතරතුර එල්ලවූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ අතර ඉරානය විසින් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට පසුතැවීමට සිදුවනු ඇති බවට විශේෂ ප්‍රකාශයක්ද සිදු කරනු ලැබීය.
විදෙස් මාධ්‍ය සඳහන් කරනුයේ දිගින් දිගටම එල්ල වන ප්‍රහාර හමුවේ ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බවට උපකල්පනය කළ හැකි බවයි.
මේ සම්බන්ධව ඉරානයේ ආරක්ෂක මණ්ඩලය රැස්වී සිදුකළ සාකච්ඡාවකදී එරට ආධ්‍යාත්මික නායකයා විසින් ඊශ්‍රායලය වෙත පහර දෙන ලෙසට ඉරානයට අවසර ලබා දී ඇති බවද වාර්තාවේ.