By unusuma.lk on
(LK time)ඇතැම් රාජ්‍ය සේවකයන් පැරණි දූෂිත ක්‍රමවේදය තුළම කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් සමග අරගල කිරීමට ආණ්ඩුවට සිදුව ඇති බව කොළඹ පැවති වැඩසටහනට එක්වෙමින් ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
අමාත්‍යවරයා පැවසූවේ, ආණ්ඩු බලයට පැමිණීමට පෙර තමන්ට තිබුණේ මහපාරේ සටනක් වුවද දැන් පවතින්නේ රාජ්‍ය නිලධාරීන් සමග සටනක් බවයි.
රාජ්‍ය සේවය ඇතැම් පිරිස් පැරණි දූෂිත ක්‍රමයටම වැඩ කරමින් සිටින බැවින් ජනතාවට සහනදීම, ජනතාවගේ අයිතිවාසිකම් රැකීම ආදියට බාධා වෙමින් ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත්, පරණ පුරුදු අත්නොහරින එම නිලධාරින් නව ආණ්ඩුවේ ජනවරම තේරුම් ගතයුතු බව පැවසූ අමාත්‍යවරයා දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට, මුදල් අමාත්‍යාංශය සමඟින් රණ්ඩුකිරීමට සිදුව ඇති බවද පැවසීය.