සුබ අලුත් අවුරුද්දක් වේවා.!

ශ්‍රී ලංකාවේ අලුත් අවුරුද්ද ලෙස පොදුවේ හදුන්වන සිංහල ජනයාගේ නව අවුරුදු උදාව “සිංහල අලුත් අවුරුද්ද” ලෙස හඳුන්වයි.

මෙවර අලුත් අවුරුද්ද උදා වන්නේ, අද (14) දින අලුයම 03.21ට වන අතර ආහාර පිසීමේ නැකත, අද අලුයම 04.04ට යෙදී ඇත.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද, දී කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම සුදුසු බව නැකැත් සිට්ටුවේ සඳහන් වේ.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද උදෑසන 06.44ට යෙදී ඇති අතර මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව ජෝතිෂ්‍යයේ දැක්වෙයි.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය (16) වැනි බදාදා උදෑසන 09.04ට යෙදී ඇති අතර රැකී රක්ෂා සඳහා පිටත්ව යාම (17) වැනි බ්‍රහස්පතින්දා උදෑසන 09.03ට යෙදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments