පොහෝ දිනයේත් අරලියගහ මැදුරේ දොරගුළු හැරෙයි.. අන්තරේ අගමැති සාකච්ඡාවක.!

අද (17) පෙරවරුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් එහි කැඳවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් ඇතුළු සිසුන් පිරිසක් අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරයට පැමිණියහ.

එහිදී පැය කිහිපයක් පුරා එම සාකච්ඡාව පැවති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි කැඳවුම්කරු පවසා සිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණදෙන අර්බුද සඳහා විසඳුම් ලබාගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.

එහිදී ජාතික අධ්‍යාපණ ප්‍රතිපත්ති රාමුව සම්බන්ධ අර්බුදය, පෞද්ගලික විශ්වවිද්‍යාල නිර්මාණය වීම, කොතළාවල විශ්වවිද්‍යාලය හරහා උපාදි මුදලට විකිණීම, මහපොළ සහනාධාරය ඉහළ නංවාගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව මධුශාන් චන්ද්‍රජිත් මහතා මාධ්‍ය වෙත පිළිතුරු ලබාදෙමින් පැවසීය.

එමෙන්ම අගමැතිය වෙත ඉදිරිපත් කළ සමහර ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසඳුම් ලබාදුන් බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස කරනා බවත් මධුශාන් චන්ද්‍රජිත් මහතා වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments