By unusuma.lk on
(LK time)හර්ෂණ නානායක්කාර ආචාර්‍ය / ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිල නිවේදනය / පාර්ලිමේන්තු වෙබ් අඩවිය / මන්ත්‍රීවරුන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිල නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවූ අතපසුවීමක් බවයි.
දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසන්නේ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බවත් ඒ අනුව, එකී අතපසුවීම නිවැරදි කිරීමට මේවනවිට කටයුතු කර ඇති බවත් ය.
එමෙන්ම අදාළ අත්වැරදීම අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.
අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ කීර්තිනාමයන් ආරක්ෂාකිරීම පිනිස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියලුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.