By unusuma.lk on
(LK time)5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ටියුෂන් පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය BMICH හි සහභාගී වු උත්සවයක් සඳහා පොලිස් පරිවාරක රථ ලබාදීම සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇත.
මෙම ගුරුවරිය ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල නමින් පැවති උත්සවයට ඇය පැමිණී මෝටර් රථයේ දෙපසින් ශ්‍රි ලංකා පොලීසියේ මෝටර් බයිසිකල් 4ක් සහ ඉදිරියෙන් ශ්‍රී ලංකා පොලීසියේ මෝටර් රථයක් ලබාදී ඇයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණේය.
මෙය ඔබ අනුමත කරනවාද.?
01. පොලිස් ආරක්ෂාව ලබාදීම.
ටියුෂන් ගුරුවරුන්ට තම පංති ප්‍රවර්ධනය කර ගැනීම සඳහා පොලිස් නිලධාරින් කුලියට ගැනීම.? එහෙම කරන්න පුළුවන් ද.? ඔබ මෙය අනුමත කරනවාද.? මේ විදිහට පොලිස් නිලධාරින් කුලියට ගන්න පුළුවන්නම් ලංකාවේ ඉන්න කුඩු කාරයේ, පාතාල සාමාජිකයන් පොලිස් ආරක්ෂාව ලබාගනීද.?
මේක ඉතාම නරක පුර්වාදර්ශයක්. මේක දුටු මොහොතේම කපා ඉවත් කළ යුතුයි. මෙය තවදුරටත් සාධාරණීකරණය කරමින් කතන්දර, හේතු කිය කිය තවදුරටත් ආරක්ෂා කරගතයුතු එකක්නම් නෙමෙයි.
ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂාව අඩු කර තිබියදී ටියුෂන් ගුරුවරියක් තමන්ට මෙතරම් පොලිස් ආරක්ෂාවක් ලබාගැනීම ඔබ අනුමත කරනවාද.? ජනාධිපතිවරයාට නැති පොලිස් ආරක්ෂාවක්.
සල්ලි, බලය පාවිච්චි කරලා ජනාධිපතිවරයාටවත්, අගමැතිවරයාටවත් නැති ආටෝපයක් හදාගෙන තිබෙන අතර අධ්‍යාපන ඇමති, අග්‍රාමාත්‍යවරියට නැති ආටෝපයක් ටියුෂන් පන්ති කරන ගුරුවරියක් සල්ලි බලෙන් කරගෙන තිබෙනවා. මෙය ඔබ අනුමත කරනවාද.?
02. මේ සඳහා පාසල් නිල ඇදුමින් ළමුන් සහභාගී කර ගැනීම.
පාසල් නිල ඇදුම ටියුෂන් පංති ප්‍රවර්ධනය සඳහා අවභාවිතා කරන්න පුළුවන් එකක්ද.? පාසල් නිවාඩු කාලේ පාසල් නිල ඇදුම ටියුෂන් සඳහා යොදාගන්න පුළුවන්ද.? මේ හේතුවෙන් පාසලේ ගෞරවයට විශාල හානියක් නොවේද.? ටියුෂන් ගුරුවරුන්ට පාසල් ඇදුම, ටයි, පාසලේ ලාංජනය තම ප්‍රවර්ධනය සඳහා භාවිත කරන්න පුළුවන්ද.?
පාසලේ ගෞරවයට හානි කිරීම මෙන්ම පාසල් නිල ඇදුමින් දරුවන් ගෙන්වා තම පංති ප්‍රවර්ධනය කිරීමෙන් පාසල් ගුරුවරුන් හෑල්ලුවට ලක් කිරීමක් නොවේද.? එතකොට උදේ, දවල් කෑ ගසමින්, හොද නරක උගන්වමින් දරුවන් යහමගට ගනිමින් ශිෂ්‍යත්ව විභාගයට මහන්සි වෙන ගුරුවරුන්ට තැනක් නැද්ද.? මේ ගැන අධ්‍යාපන අමාත්‍යංශය නිහඬද.?
මේ අතර ඕනෑම අයෙකු සිදුකරන ඉල්ලීමක් හරහා පොලිස් ප්‍රභූ ආරක්‍ෂක පරිවාර රථ ලබාගැනීමට හැකියාවක් තිබේද යන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් සිටියි.