By unusuma.lk on
(LK time)සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ලංකාවෙි සෞඛ්‍ය සේවාව තුළ ජයිකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන් වන පුනර්ජනනීය බල ශක්තිය නිපදවීමේ, ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇත.
තවද ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීමේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම යන ව්‍යාපෘතීන්වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
මහනුවර, කුරුණැගල, අනුරාධපුරය, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන රෝහල්වල හෘද කැතීටකරණ ඒකක පිහිටුවීම සහ කෑගල්ල, කුරුණෑගල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල්වල සූර්ය පැනල සවි කිරීම යන ව්‍යාපෘති පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
ලංකාවට ජපන් රජය ලබා දෙනු ලබන ව්‍යාපෘතින්, ප්‍රදානයන් නව රජය ජනහිත සුවය සදහා යෙදවීමට පියවර ගන්නා බවත් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත.