By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 60 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පවසයි.
ඔහු පවසන්නේ, අප්‍රේල් 11,12 හා 13 යන දිනවල ජනතාවට ගම්බිම් බලා යාම සදහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් කෝටි 20 බැගින් මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බවයි.
අවරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ ධාවනයට එක්කළ බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇත.
අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසුවේ, පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන තුන්ලක්ෂ 87,000ක් ධාවනය කර ඇති බවයි.
පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් දසකෝටි 23 ලක්ෂ 78,800ක ආදායමක් උපයා තිබුණි.
පසුගිය 11 සහ 12 දිනවල අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන 297,736කින් එම ආදායම උපයාගැනීමට හැකිව ඇත.